වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට
වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට රුපියල් 25,000ක අල්ලස් මුදලක් ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඊයේ (25) මෙම අල්ලස් මුදල ලබාදීමට සූදානම් වූ අවස්ථාවේදී වැලිකඩ පොලීසිය තුළ දී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
නාවල ප්‍රදේශයේ පිහිටි ඉඩමක දේපලවලට අලාභ හානී කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් පස් දෙනෙකු නිදහස් කරගැනීම සඳහා මෙම අල්ලස් මුදල ලබාදීමට උත්සාහ කර ඇති බවයි රුවන් ගුණසේකර මහතා පැවසුවේ.