News

වැලිකඩ බන්ධනාගාර ලොක්කා ඇතුළෙදීම මරන්න සැලසුම්

කුඩු ජාවාරමට මරණීය දණ්ඩනය නියම වූ සුසෙයිගේ මෙහෙයවීමෙන් වැලිකඩ බන්ධනාගාරය තුළදීම බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ අධිකාරී ඉන්ද්‍රජිත් උඩුවර ඝාතනය කිරීමේ සැලසුමක් අනාවරණය වී ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ වයි.ඕ. වාට්ටුවේ රඳවා සිටින සුසෙයි විසින් මරණීය දණ්ඩනයට නියම වූ තවත් අපරාධකරුවකු ලවා මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක කරන්නට සූදානම් වූ බව දැනට කරන ලද විමර්ශනවලින් හෙළි වී ඇත.

සුසෙයිගේ නියෝගය ලද වහාම බන්ධනාගාර අධිකාරී මරා දමන බව චැපල් වාට්ටුවේ මරණීය දණ්ඩනය නියමවූවන් සිව් දෙනකු සමග කළ රහස් කතාවක් හෙළිවීමෙන් මෙම විමර්ශනය ඇරඹී ඇත.

මහර ඇතුළු බන්ධනාගාරවල රාජකාරි කරද්දී ජංගම දුරකථන ඇතුළු සියලු නීතිවිරෝධී දේ ගෙන එන්නට නොහැකි ලෙස බන්ධනාගාර තුළ දැඩි නීති ක්‍රියාත්මක කළ නිලධාරියකු ලෙස බන්ධනාගාර අධිකාරී උඩුවර ප්‍රසිද්ධිය. ඔහුගේ යටතේ වැලිකඩ බන්ධනාගාරය සුද්ද කිරීමේ මෙහෙයුම ඇරඹීමත් සමග කුඩු ජාවාරමුන්ට හිරගෙයි සිට දුරකථන මගින් කුඩු බෙදාහැරීම අඩාළ වීම මෙම ඝාතන සැලසුමට හේතු වී ඇතැයි සැක පහල වී ඇත.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා