වැලිකන්ද ප්‍රදේශයේදී ත්‍රස්ත පුහුණු කඳවුරක් වටලයි
පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේදී ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන්ට සටන් පුහුණුව ලබා දීමට සැලසුම් කර තිබු පුහුණු කඳවුරක් සහ පුහුණු මධ්‍යස්ථානයක් වටලයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කළ මෙහෙයුමකදී මෙම කඳවුර සොයා ගෙන ඇති අතර පොලීසිය ප්‍රකාශ කළේ ත්‍රස්ත කණ්ඩායමේ මහ මොළකරු ලෙස හඳුනාගෙන ඇති මොහොමඩ් සහරාන්ගේ රියැදුරාගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදී මෙම කඳවුරු භූමිය පවත්වාගෙන ගිය සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය වූ බවය.
අත්අඩංගුවට ගත් අබ්දුල් කාදර් නමැති සැකකරුට බදු පදනම යටතේ මෙම ඉඩම මිල දී ගැනීමට මුදල් ලබාදී ඇත්තේ ද සහරාන් විසින් බව මේ වන විට හෙළි වී ඇති අතර එම ඉඩම අක්කර 40ක භූමි ප්‍රමාණයකින් සමන්විතය.
එහි තිබී PVC බටවල සුක්ෂමව අසුරන ලද ජෙලග්නයිට් කූරු 230ක් සහ නයිට්රේට් ඇසිඩ් ලීටර් 20ක බූලියක් ද සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්වි ඇත.