News

වැලිසරදී මියගිය නාවික සෙබලාගේ මරණයට හේතුව හෙළි වෙයි

වැලිසර නාවික හමුදා රෝහලේදී මියගිය නාවික හමුදා නිලධාරියා කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී ඇත.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරුසූරිය බණ්ඩාර මහතා පැවසුවේ පී.සී.ආර් පරික්ෂණ වාර්තාවෙන් මේ බව තහවුරු වී ඇති බවයි.

වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කළ ගලෙන්බිදුණු වැව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ලුතිතන් කමාන්ඩර්වරයෙකු වන මෙම හමුදා නිලධාරියා රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 18 වනදා වැලිසර නාවික හමුදා රෝහලට ඇතුළත් කර තිබුණි.

එහිදී ඔහු මී උණ රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබූ අතර වකුගඩුවල ක්‍රියාකාරිත්වය අකර්මන්‍යවිමෙන් ඊයේ රාත්‍රියේ එම නිලධාරියා මියගොස් ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.