News

වැස්සත් එක්ක ගමට ආපු අමුත්තා

පවතින වර්ෂාව සමඟ වවුනියාව නෙළුකුලම ප්‍රදේශයට පැමිණි හැළ කිඹුලෙකු ඊයේ(05) ඇල්ලු බව වවුනියාව වනජිවි කාර්යාල නිළධාරීන් පවසයි. වවුනියාව වනජිවි කාර්යාල නිළධාරීන් පැවසූවේ පවතින වැස්ස සමඟ ජල පහරක් ඔස්සේ පැමිණි කිඹුලා ගම්වදින්නට ඇති බවයි.

අඩි අටක් පමණ දිගැති හැළ කිඹුලෙකු එලෙස ඇල්ලු බවද වවුනියාව වනජිවි නිළධාරීන් පැවසීය. වනජිවි නිළධාරීන් සදහන් කරනු ලැබුවේ අල්ලාගත් කිඹුලා ජල පෝෂක ප්‍රදේශයකට මුදාහළ බවයි.

වවුනියාව – මාධව කුලසූරිය