විකුණාගත නොහැකිව බිත්තර මිලියන 15ක් ගබඩාවල
බිත්තර නිෂ්පාදකයන්ගේ බිත්තර මිලියන පහළොවක් පමණ අලෙවි කර ගැනීමට නොහැකිව ගබඩා කර ඇති බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
කොවිඩ් -19 වෛරසය පැතිර යාම සහ ඇඳිරි නීතිය නිසා මේ වන විට දෛනික බිත්තර නිෂ්පාදනයෙන් අලෙවි වන්නේ සියයට දහයක් පමෙණක් බව එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආචාර්ය එස්. එස්. සුසිල් සිල්වා ප්‍රකාශ කරයි.
මෙලෙස ගබඩාකර ඇති බිත්තරවලින් මිලියන 11 ක්ම වයඹ පළාතේ නිෂ්පාදකයන්ගේ බව ද ඔහු පවසයි.
උදයජීව ඒකනායක
