News

විදුලි අර්බුදය විසඳීමට අගමැතිගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවට කැබිනට් අනුමැතිය

දැනට ඇතිව තිබෙන විදුලිබල අර්බුදය විසඳීම සඳහා අමාත්‍යවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත.

මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් යුතුව මෙම කමිටුව පත් කර ඇති අතර මුදල් හා විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන, මහාමාර්ග හා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන, වරාය හා නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන යන අමාත්‍යවරුන් මෙම කමිටුව සඳහා නිර්දේශ කර තිබෙන බව වාර්තා වෙයි.

විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල විසින් අනුමත කර ඇත.