විදුලි කාන්දුවකින් පුත්තලම නගර සභාවට අයත් ඉන්ධන ගබඩාකර තිබු ගොඩනැගිල්ලක් ගිනිගනී
පුත්තලම නගර සභාවට අයත් වැඩ අංගනයේ ඉන්ධන ගබඩා කර තිබු ගොඩනැගිල්ලක හදිසි ගින්නක් හට ගෙන ඇත.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න ඇති ඇති අතර එම ගොඩනැගිල්ලට දැඩි ලෙස හානි සිදු වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
අදාළ ගොඩනැගිල්ලේ නගර සභාව සඳහා ගබඩා කර තිබු ඩිසල් නැමැති ඉන්ධන බහාලු බැරල් ගිනි ගැනීමත් සමඟ ගින්න ගොඩනැගිල්ල පුරා මහා පරිමාවෙන් පැතිරී ගොස් ඇත.
ගිනි ගැනීම හේතුවෙන් ගොඩනගිල්ලේ ලිපි ලේඛන ඇතුළු භාණ්ඩ රාශියක් විනාශ වී ඇති නමුත් කිසිවෙකුටත් ජිවිත හානි සිදු වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.