විදුලිය ගැනීමට අඩු ආදායම් ලාභීන්ට සහන ණය
දැනට විදුලි පහසුකම් නැති අඩු ආදායම් ලාභීන්ට නිවාස අභ්‍යන්තර පරිපථ සකස්කර ගැනීම සඳහා සහන ණයක් ලබාදී තිබේ. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සහන ණය ලබාදෙනු ලබනවා.
රුපියල් 20,000ක උපරිමයකට යටත්ව දැනට විදුලිය නොමැති අඩු ආදායම් ලාභීන්ට 4% පොලී අනුපාතයකට ණය මුදල ලබාගත හැකිය.
“සැමට විදුලිය” වැඩපිළිවෙල යටතේ මෙම වසර අවසානයේ සියලු නිවාස වලට විදුලිය ලබාදීමට අපේක්ෂා කරයි.