News

විදෙස් ආයෝජකයන්ට ‘ජෛව සුරක්ෂිත බුබුළක්’

ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සඳහා පැමිණෙන ආයෝජකයන් හට ‘ජෛව සුරක්ෂිත බුබුළක්’ යටතේ මෙරටට පැමිණ තම කාර්යයන් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල පවසයි. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මෙරටින් විදෙස් ආයෝජකයන්ටත් – ආයෝජකයන්ගෙන් මෙරට ජනතාවටත් කිසිදු අයුරකින් කොවිඩ් වැලඳීමක් සිදු නොවීමට වග බලාගැනෙන බවද සභාපතිවරයා සඳහන් කරයි.

ඒ අනුව මෙසේ පැමිණෙන ආයෝජකයන් සඳහා තෝරා ගත් හෝටල් කීපයක්ද, ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් හා අනෙකුත් අවශ්‍යතාවන් ශ්‍රී ලංකා ආයෝජන මණඩලයේ සම්බන්ධීකරණය යටතේ ලබාදීමට සැලසුම් කර තිබේ. පවතින ගෝලීය වසංගතය හමුවේ වුවද මෙරට ආයෝජනය සඳහා විවිධ කේෂ්ත්‍රයන්හි ආයෝජකයන් රැසක් කැමැත්ත පළකර ඇතත් මෙරට සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළ අනුව ඊට අවශ්‍ය පහසුකම් ලබාදීමට නොහැකි වී ඇති බැවින් පවතින නව සාමාන්‍යකරණය යටතේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙම වැඩසටහන ක්‍රියත්මක කිරීමට අපේක්ෂා කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

නයන තරංග ගමගේ