විදෙස් ගතවීම තාවකාලිකව නවතන්න
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් විදේශ රැකියා සඳහා පිටත්වීම තාවකාලිකව කල්දමන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශය ජනතාවට නිවේදනයක් නිකුත් කරයි.
ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් රැකියා සඳහා යන මැදපෙරදිග ඇතුළු ආසියානු හා යුරෝපීය රටවල් රැසකට කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට හේතු වී ඇතැයි එම කාර්යාංශය සදහන් කරයි.
නිපුණත සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයන්ගේ සංගමය ද එක්ව මෙම තීරණය ගෙන ඇත.
ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙන අතර වෛරසය පැතිර ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සේවයකරන රටවල තානාපති කාර්යාලවල කම්කරු අංශයන් වෙත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනටමත් උපදෙස් ලබාදී ඇති බව එම කාර්යංශය සදහන් කළේය.
ඒ අනුව තොරතුරු ලබාගැනීම සඳහා එම රටවල තානාපති කාර්යාලවල විශේෂ දුරකතන අංක හඳුන්වා දී ඇති අතරවිදේශ සේවා නියුක්ති කාර්යංශයේ 1989ක්ෂණික දුරකතන අංකයට ඇමතීමෙන් ද අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බව එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
