විදෙස් රටවල් 11ක ශ්‍රී ලංකා දූත මණ්ඩල සේවා සීමා වෙයි
විදේශ රාජ්‍යයන් 11ක ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් සිදුකරන සේවා සැපයීම සීමා කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.
කොවිඩ් -19 වෛරසය ගෝලීය වශයෙන් ව්‍යාප්තවීමේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් විදේශයන්හි ශ්‍රී ලංකා දූත සේවා විසින් සපයන කොන්සියුලර් සේවා මෙලෙස සීමා කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව නැවත දැනුම්දෙනතුරු අද (16 වැනිදා) සිට ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්විඩනය සහ ඔස්ට්‍රියාව යන රටවල කොන්සියුලර් සේවා සීමා කිරීමට නියමිතය.
ඒ යටතේ වැඩිදුර දැනුම්දීමක් සිදුකෙරෙන තුරු දූත මණ්ඩල විසින් තාවකාලික/ හදිසි සංචාරක ලියකියවිලි නිකුත් කිරීම, ශ්‍රී ලාංකිකයන්ගේ මරණවලට අදාළ ලිපිලේඛන නිකුත් කිරීම සහ සහතික කිරීම වෙනත් හදිසි කොන්සියුලර් සේවාවන් සීමා කිරීමට කටයුතු කෙරෙනු ඇත.
නයන තරංග ගමගේ
