News

විදෙස්ගත ලාංකිකයන්ගේ මෙරට තැන්පතුවලට 2%ක අමතර පොලියක් හා බදුසහන

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් වෙනුවෙන් මෙරට අරඹන විශේෂිත ගිණුමේ තැන්පත් කරන මුදල් වෙනුවෙන් සියයට දෙකක අමතර පොළියක් සහ බදු නිදහසක් ලබා දීමට රජය තීරණය කර ඇත.

තැන්පතුකරුවන්ට වාසිදායක කොන්දේසි යටතේ පිහිටුවන මෙම විශේෂිත ගිණුමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බව ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ ( 09 ) පැවසීය

මෙම තැන්පතු මුදල් අවම වශයෙන් මාස හයක කාලයක් ගිණුමේ තිබිය යුතු බවද හෙතෙම කීවේය.

 

අජිත් අලහකෝන්