News

විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගත වූ පැය 24 තුළ මගී ගුවන් යානා 29ක මෙහෙයුම් සිදු කරමින් ගුවන් මගීන් 2,161 දෙනෙකුට ගුවන් පහසුකම් සලසා ඇති බව වාර්තා වේ.

ගුවන් යානා 14 කින් ගුවන් මගීන් 1,177 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.පැමිණි ගුවන් මගීන් අතර බංග්ලාදේශයේ ඩකා සිට 177 දෙනෙකු ද, සෞදි අරාබියේ රියාද් සිට 121 දෙනෙකු සිටියි.

ගුවන් මගීන් සියලු දෙනා නීරෝධායන ක්‍රියාවලිය සදහා සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබේ.

ගුවන් මගීන් 984 දෙනෙකු ගුවන් යානා 15 කින් මෙම කාළසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබේ.

සෞදි අරාබියේ රියාද් වෙත 251 දෙනෙකුද , ඉන්දියාවේ චෙන්නායි වෙත 182 දෙනෙකු විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ සංචාරය සදහා විදේශීය සංචාරකයන් 80 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.