විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගත වූ පැය 24 තුළ මගී ගුවන් යානා 29ක මෙහෙයුම් සිදු කරමින් ගුවන් මගීන් 2253 දෙනෙකුට ගුවන් පහසුකම් සලසා ඇති බව වාර්තා වේ.
ගුවන් යානා 14 කින් ගුවන් මගීන් 1317 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.පැමිණි ගුවන් මගීන් අතරසෞදි අරාබියේ රියාද් සිට 155 දෙනෙකු, මාලදිවයිනේ මාලේ සිට 144දෙනෙකු සිටියි.
ගුවන් මගීන් සියලු දෙනා නීරෝධායන ක්‍රියාවලිය සදහා සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබේ.
ගුවන් මගීන් 936දෙනෙකු ගුවන් යානා 15කින් මෙම කාළසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබේ.
ඉන්දියාවේ චෙන්නායි වෙත 162දෙනෙකු ද, සෞදි අරාබියේ රියාද් වෙත 161දෙනෙකු ද පිටත්ව ගොස් තිබේ.
එසේම ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා යුරෝපයෙන් , ආසියාවෙන් ඇතුළු ලෝකයේ විවිධ රටවලින් විදේශීය සංචාරකයන් 180 දෙනෙකු ද කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි.