විපක්ෂ නායක ධුරය සහ විපක්ෂයේ සංවිධායක ධුරය හිමි විය යුත්තේ සන්ධානයට බව රෝහිත කියයි
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සහ විපක්ෂයේ සංවිධායක ධුරය හිමි විය යුත්තේ සන්ධානයට බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියයි.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ අද දින මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටි අතර තව දුරටත් ඔහු කියා සිටියේ ලබන 18 වන දා රැස්වන පාර්ලිමේන්තු සැසි වාරයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට විපක්ෂයේ සංවිධායක ධුරය ද අහිමි වනු ඇති බවයි.