News

විපක්ෂයට ප්‍රතිපත්තියක් නැහැ – කබීර්

ප්‍රතිපත්තියක් හා වැඩපිළිවෙලක් නොමැති විපක්ෂය ජනතා ප්‍රශ්නවලට විසදුම් ලබානොදී ඒවා උග්‍ර කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් පවසයි.

ඔහු ඊයේ (26)දින පිළිමතලාවේ පැවති උත්සවයකට එක්වෙමින් මේ බව කියා සිටියා.

ඉදිරියේදී කුමන මැතිවරණයක් පවත්වන්නේද යන්න පිළිබඳව එක්සත් ජාතික පක්ෂයට තීරණය කිරීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.