විපක්ෂයේ අසුන් ගත්තත් වත්මන් ආණ්ඩුව සිදුකරන නිවැරදි දේට සහය – සම්බන්ධන්
ඕනෑම අවස්ථාවක වත්මන් ආණ්ඩුව සිදුකරන නිවැරදි දේ සඳහා අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බව දෙමළ ජාතින සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් සඳහන් කරයි.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටි අතර වත්මන් රජය යටතේ විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇති දෙමළ ජාතික සන්ධානය මේ වන විට සිටින්නේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකුය.
