News

විභාගෙට ගිය ජංගම දුරකථන ගැන විමර්ශන ඇල්මැරිලා

විභාගාපේක්ෂකයන් ළඟ තබාගෙන සිටි ජංගම දුරකථන හාරසිය අසූඑකක් ඉකුත් සිව් වසරේදී විභාග දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

මෙම ජංගම දුරකථන ළඟ තබාගත් අපේක්ෂකයන් සම්බන්ධයෙන් විමර්ශන මෙතෙක් අවසන්ව නැතැයිද විමර්ශන අවසන් වූ පසු එම දුරකථන සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද එම දෙපාර්තමේන්තුව විගණකාධිපතිවරයාට දැනුම් දී ඇත. මේ බව දැනුම් දී ඇත්තේ ජාතික විගණන කාර්යාලය ඒ සම්බන්ධයෙන් කර ඇති විමසුමකදීය. මෙම දුරකථන සම්බන්ධයෙන් වන විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසද විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබේ.

නිලන්ත මදුරාවල