විමල්ට සහ ප්‍රසන්නට පාර්ලිමේන්තුව තහනම්
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට සති 2ක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරට සති 4ක් බැගින් පාර්ලිමේන්තුව තහනම් කොට තිබෙනවා. එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ දී විනය විරෝධීව හැසිරුණේයැයි යන චෝදනා මත මෙම තහනම පනවා තිබෙන අතර ඔවුන්ට අදාල කාල සීමාවන් තුළ දී පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළුවීමද තහනම් වී තිබෙනවා.
අද (21වැනිදා) පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවකින් මෙම තහනම පනවා තිබෙන අතර අදාල යෝජනාව ගෙනවිත් ඇත්තේ සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතායි. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහි යෝජනාවට පක්ෂව ඡන්ද 39ක්ද, විපක්ෂව ඡන්ද 21ක්ද හිමිව තිබෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරට එරෙහි යෝජනාවට පක්ෂව ඡන්ද 41ක්ද විපක්ෂව ඡන්ද 21ක්ද හිමිව තිබෙනවා.