News

විරෝධතාවයක් නිසා නිදහස් චතුරශ්‍රය අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක්

රජයේ විධායක නිලධාරීන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබේ.

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෘත්තිය සමිති 17ක සමාජිකයින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී ඇති බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච්. එල්. උදයසිරි මහතා ප්‍රකාශ කළේය.

ඡායාරූප – නිපුන් වීරසිංහ