News

විරෝධතාවයේ නිරත ආබාධිත රණවිරුවන්ට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතව සිටින ආබාධිත රණවිරුවන්ට කිසිදු රාජ්‍ය ආයතනයකට ඇතුල් වීමට අවසර නොදෙන ලෙසට අණ කරමින් කොටුව මහෙස්ත්‍රාත් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ජනාධිපති මන්දිරය, ආරක්ෂ අමාත්‍යංශය , ගාලුපාර, අලියගහ මන්දිරය,ලෝටස් පාර, ආරක්ෂක අමාත්‍යංශය, අගමැති කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය යන ස්ථානයන්ට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණයෙන් මෙම තහනම් නියෝගයක් ලබාදී ඇත.