විශ්ව විද්‍යාල අධ්‍යන කටයුතු අධියර 3 යටතේ ඇරඹිමට තීරණය කරයි
විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු අදියර 3ක් යටතේ ආරම්භ කිරීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.
ඒ අනුව එළඹෙන මැයි මස 18 වන දින සියලුම විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරන බව මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
එසේම එළඹෙන මැයි මස 4 වන දින විශ්වවිද්‍යාලවල අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩල වැඩ කටයුතු ආරම්භ කරන බවත් අවසන් වසර සිසුන්ගේ අධ්‍යන කටයුතු මැයි 11 දින ආරම්භ කරන බවත් ඒ මහතා පවසයි.
