විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අද පෙරවරුවේ සිට වැඩ වර්ජනයක
රාජ්‍ය සේවකයින්ට සාපේක්ෂව තමන්ගේ ද වැටුප් වැඩි කරන ලෙස බලකරමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අද පෙරවරුවේ සිට වැඩ වර්ජනයක නිරත වේ.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමග ද සාකච්ඡා පැවැත්වුව ද විසඳුමක් නොලැබුණු බව විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළ අතර අදාළ වැටුප් ප්‍රශ්නයට ස්ථීර විසඳුමක් ලබාදෙන තෙක් මහා භාණ්ඩාගාරය මගින් ඔවුන්ට අන්තර් දිමනාවක් අනුමත කළ බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා සඳහන් කළේය.
