විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමේ බලය උපකුලපතිවරුන්ට
විශ්වවිද්‍යාලවල ආරක්ෂාව හා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් උපකුලපතිවරයා සෑහීමකට පත්වූ පසුව මැයි මස 13 වන දිනෙන් පසු ඕනෑම දිනයකදී විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කරන දිනයන් සහ ආරම්භ කරන ක්‍රමවේදය පිළිබදව තීරණය කිරීමට එම එක් එක් විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට බලය පවරා තිබේ.
මේ සම්බන්ධව විශ්වවිද්‍යාල කොමිෂන් සභාව සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන සිසුන් වෙත ද දැනුම් දී ඇත.