විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයින්ගේ විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාරයක්
විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අසළින් අද දහවල් මෙම විරෝධතාව ආරම්භ කර ඇත්තේ රජය විසින් ගෙන ඒමට නියමිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරන ලෙස බලකරමින් වන අතර විරෝධතාකරුවන් පාර්ලිමේන්තු වටරවුමෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුලූවීමත් සමඟ මෙලෙස ජල හා කඳුලූ ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඔවුන් විසුරුවා හැරිමටයි පොලීසිය කටයුතු කළේය.
ඒ හේතුවෙන් මේ වනවිට බත්තරමුල්ල අවට මාර්ගවල රථවාහන තදබදයක් හටගෙන තිබේ.