News

විශිෂ්ඨ ලෙස රාජකාරිය ඉටු කළ පොලිස් නිලධාරීන්ට තෑගි

කැපවීමෙන් සහ විශිෂ්ඨ ලෙස රාජකාරිය ඉටු කළ පොලිස් නිලධාරීන් 854 දෙනෙකුට ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයක් පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී ඊයේ පැවැත්විය.

පොලිස් නිලධාරීන්ට අමතරව සිවිල් වැසියන් 6 දෙනෙකු සහ වෙනත් නිලධාරීන් 3 දෙනෙකුට මෙහිදී රුපියල් දෙකෝටි විසි ලක්ෂ හැට හතර දහස් පන්සීයක මුදලක් ත්‍යාග ලෙස පිරිනැමුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළ අතර 2017 වසරේ ජුනි මස 16 වන දා මන්නාරම කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් සිලාවතුර ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 138කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට සහය වූ නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරයෙකුට ද මෙහිදී මුදල් තග්‍යායක් පිරිනමා ඇත.