News

විශේෂ කාරක සභාව හමුවීමට ජනපති දින දෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දිනයක් ලබා දී ඇත.

ලබන 20 වන දින අදාළ හමුවීම සඳහා ජනාධිපතිවරයා විසින් කැමැත්ත පළ කර ඇති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය.

20 වන දින පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් හමුවීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලිඛිතව දැනුම් දී ඇති අතර එදිනට ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් තීරණය කර ඇත.