වී මෙට්‍රික් ටොන් 22,000ක ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලය මඟින් මිලදී ගනී
වී අලෙවි මණ්ඩලය මඟින් මේ වන විට වී මෙට්‍රික් ටොන් 22,000ක ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කරයි.
අම්පාර, අනුරාධපුර, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, මඩකලපුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක මඟින් එම වී තොග මිළදී ගෙන ඇති බව අමාත්‍යවරයා පවසන අතර අම්පාර, පොතුවිල් සහ අනුරාධපුර, රඹෑව යන ප්‍රදේශවලින් මේ වන විට වැඩි වී තොග ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
රජය විසින් වී සඳහා සහතික මිලක් ලබාදී තිබියදීත් ගොවින් වී වේළීමට දක්වන මැලිකම හේතුවෙන් අඩු මිලකට වී අලෙවි කරන බව පී. හැරිසන් අමාත්‍යවරයා පවසයි.