News

වී මෙට්‍රික් ටොන් 50,000ක් මිලදී ගැනීමට රජය සූදානම්

රජයේ සහතික මිල යටතේ මෙවර මාස් කන්නයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ වී මිලදී ගැනීම හෙට(17) සිට ආරම්භ කෙරෙන බව වී අලෙවි මණ්ඩලය කියයි.

දැනට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙලීම සිදු කරනු ලබන මහවැලි බී කලාපයට අයත් වැලිකන්ද ප්‍රදේශයේ වී මිලදී ගැනීම ප්‍රථමයෙන් ඇරඹීමට කටයුතු යොදා ඇතැයි වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කලමනාකරු නිමල් ඒකනායක මහතා පැවැසීය.

තෙතමනය සියයට 14ට වඩා අඩු ප්‍රමිතියෙන් යුත් සම්බා සහ නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 50 බැගින් ගෙවා මෙවර රජය ගොවීන්ගෙන් වී මිලදී ගනු ලබයි.

දිස්ත්‍රික්කයේ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 21 ක් යටතේ වී මිලදී ගැනීමට සැළසුම් කර ඇති බවත් වී මෙට්‍රික් ටොන් 50,000ක් මෙවර මිලදී ගැනීමට රජය බලාපොරොත්තු වන බවත් ඒකනායක මහතා කීය.

 

 

කේ.ජී.කරුණාරත්න