News

වීරකැටිය පාසල් ගුරුවරියකට කොවිඩ්

තංගල්ල වීරකැටිය ප්‍රදේශයේ පාසලක ගුරුවරියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ගුරුවරියට අමතරව ඇයගේ ආශ්‍රිතයින් 13 දෙනෙකුට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ වීරකැටිය නගරයේ පාසල් 4ක්, සතිපොළ සහ එම ගුරුවරියගේ සැමියාට අයත් සුපිරි වෙළෙඳසැළක් වසා දැමීමට පියවරගෙන ඇත.