වීසා නැති පාකිස්ථාන සහ ඊජිප්තු ජාතිකයන් දෙදෙනෙකු වැලිගමදි අත්අඩංගුවට
ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයින් දෙදෙනෙකු වැලිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ වැලිගම මිරිස්ස ප්රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22, 27 වයස්වල පසුවන පාකිස්ථාන සහ ඊජිප්තු ජාතිකයන් වනවා.
මොවුන් අද මාතර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.