News

වීසා නොමැතිව රැඳීසිටින පිරිසක් අත්අඩංගුවේ

වීසා නොමැතිව රැඳී සිටි විදේශිකයන් පිරිසක් මෙරට දී අන්තර්ජාලය හරහා මුල්‍ය වංචාවන්ට සම්බන්ධවීම් සම්බන්ධයෙන් අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

මේ හේතුවෙන් නීති විරෝධීව මෙරට රැඳී සිටින විදේශිකයන් සොයා විශේෂ මෙහෙයුම් ආරම්භ කරන බව අජිත් රෝහණ මහතා සඳහන් කර ඇත.

ඒ අනුව කොල්ලුපිටිය ප්‍රදේශයේදී තායිලන්ත ජාතිකයින් 08 දෙනෙකු ඊයේ (07) දිනයේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 06 දා වීසා නොමැතිව රැඳී සිටි නයිජීරියානු ජාතිකයින් තිදෙනෙකු ඇතුළු විදේශිකයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.