News

වේග සීමා උල්ලංඝණය කළොත් බලපත්‍රය අහෝසියි – බස්වල

වේග සීමා උල්ලංඝණය කරමින් ධාවනය වන බස් රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

අධික වේගය හේතුවෙන් සිදු වන අනතුරු අවම කිරීම එම වැඩපිළිවෙළේ අරමුණ බවයි එම කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා ප්‍රකාශ කළේ.

අපරික්ෂාකාරීව අධික වේගයෙන් ධාවනය වන බස් රථ සම්බන්ධයෙන් වන පැමිණිලි 1955 යන අංකයට දැනුම් දිය හැකි බව ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා.