වේයන්ගොඩ වඳුරව දුම්රිය හරස් මාර්ගයේ අද (15) උදෑසන සිදුවූ දුම්රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකු හා ඔහුගේ දියණිය කන්කසන්තුරය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
පොලීසිය පැවසුවේ මොවුන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි.