News

වෛද්‍ය සභාවේ නිලවරණයට වාරණ නියෝගයක්

 

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව නිලධාරීන් තෝරා පත්කර ගැනීම සඳහා වූ නිලවරණයට එරෙහිව එය පැවැත්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගය නිකුත්කර තිබේ.

නිලවරණය මේ මස 30 සහ 31 වනදා පැවැත්වීමට නියමිතය.

නිලවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය රයන් ජයලත් මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වී ඇති අතර ඔහු විසින් ඉදිරිපත්කළ පැමිණිල්ලක් විභාග කළ කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ.

වාරණ නියෝගය ලබන 16 වනදා තෙක් බල පැවැත්වේ.