වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරයි
රජයේ සේවයේ නියුතු සියලු ම ශ්‍රේණිවලට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63ක් දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කොට තිබේ.
දැනටමත් රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා ඉහළ නංවා ඇත.
එම නිසා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාවට අනුප්‍රාප්තිකව සියලු ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ සංඛ්‍යාව ද ඉහළ නැංවීම වෛද්‍ය සේවාව කාර්යක්ෂමව පවත්වා ගැනීමට දායක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියේ සිදු කිරීමට යෝජිත සැලසුම් අනුව ඉදිරි වසර පහ සඳහා වෛද්‍ය නිලධාරීන් 7000කගේ පමණ අවශ්‍යතාවක් පවතින බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන අවස්තාවේ සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය නිලධාරීන් 4000කගේ පමණ පුරප්පාඩු පවතින බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.