News

වෛරසය ව්‍යාප්තිය වළක්වන්න ඇමැති මණ්ඩලය අද රැස්වෙයි

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා හදිසි ඇමැති මණ්ඩල රැස්වීමක් අද (25 වැනිදා) පෙරවරු 10.00ට පැවැත්වීමට නියමිතව ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙයි.

සාමාන්‍යයෙන් ඇමැති මණ්ඩලය රැස්වන්නේ සෑම සතියකම බදාදා දිනයේය. නමුත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගත යුතු තවත් ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

මෙම ඇමැති මණ්ඩල රැස්වීමට කිසිදු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්ද ඉදිරිපත් වි නොමැත.

අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසු ජනාධිපතිවරයා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සමග විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතව ඇත.

එදින ජනතාවට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ භාණ්ඩ බෙදා හැරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

 

උදයජීව ඒකනායක