News

ශ්‍රි පාද වන්දනාවේ එන පුද්ගලයින්ගේ වාහන වලින් අධික ලෙස මුදල් අය කිරිමේ මාෆියාවක්

ශ්‍රි පාද වන්දනාකරුවන් රැගෙන එන පුද්ගලික වාහනවලින් නල්ලතන්නිය නගරයේ පුද්ගලික රථ වාහන ගාල් වලින් අධික ලෙස මුදල් අය කිරිම නිසා එම වාහන වල අයිතිකරුවන් සහ රියදුරුවරුන් දැඩි අසිරුතාවයකට පත් වි සිටි.

මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ රථගාලක් වශයෙන් ලියාපදිංචි කිරිමකින් තොරව නල්ලතන්නිය නගරයේ ස්ථාන කිහිපයක රථ වාහන ගාල් කිහිපයක් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විසින් ශ්‍රි පාද වන්දනා වාරයේදි පවත්වාගෙන යනු ලබයි.

කිසිදු පොදු පහසුකමක්වත් නොමැතිව පවත්වාගෙන යන මෙම රථ ගාල තුල බස් රථයක් ගාල් කිරිම සදහා රු 500 ක් ද, කුඩා බස් රථයක් සදහා රු 450 ක්ද වැන් රථයක් සදහා රු 350 ක්ද, ත්‍රිරෝද රථයක් සදහා රු 250 ක්ද, යතුරුපැදියක් සදහා රු 200 ක් වැනි විවිධ මිල ගණන් යටතේ මෙම පුද්ගලික රථගාල් වලින් මුදල් අයකරන අතර, එම රථගාල් වල ඇතුල් කරන සැම වාහනයක වගකිම එම රථගාල් පවත්වාගෙන යන අය විසින් භාර ගැනිමක් සිදු නොකරයි.

එම රථගාල් වල ගාල් කරන සියළුම වාහන වල රියදුරා අනිවාර්යයෙන්ම වාහනයේ හෝ රථගාලේ රැදි සිටිය යුතු බවටද එම රථගාල් පවත්වාගෙන යන අය විසින් නිතියක් පනවා ඇත.

සුළු වේලාවකට වුවද එම රථගාල් වලට රථවාහන ඇතුල් කර ගාල් කර තබන රථ වාහනවලින් ඉහත සදහන් මුදල් අය කරනු ලබන්නේද බලහත්කාරයෙනි.

ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් මස්කෙලිය ප්‍රාදේශිය සභාව මගින්ද පවත්වාගෙන යන පොදු රථ ගාල තුලද මෙවැනිම ආකාරයට ගාල් කරන වාහන සදහා විවිධ මිල ගණන් යටතේ අධික මුදලක් අය කරන බවද පැවසේ.

ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් අය කිරිමකින් රථ වාහන ගාල් කිරිමට පොදු රථ ගාලක් ඉදි කර දිමට හෝ මෙසේ අධික ලෙස අය කරන මුදල් අවම කිරිමට යම් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස අදාල බලධාරින්ගෙන් වන්දනාකරුවන් රැගෙන එන පෞද්ගලික වාහන වල රියදුරන් සහ අයිතිකරුවන් කියා සිටියි.

මෙම ගැටළුව සම්බන්ධයෙන් අප මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ ලේකම් එම්.රාජවිරන් මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ තම ප්‍රාදේශිය සභාව මගින් පවත්වාගෙන යන පොදු රථ ගාලේ ගාල් කරන රථ වාහන සදහා අධික මුදලක් අයකරන්නේ නම් ඒ පිලිබදව සොයා බැලිමක් සිදු කරන බවයි.

නල්ලතන්නිය නගරයේ පෞද්ගලික රථගාල් කිසිවක් තම ප්‍රාදේශිය සභාවේ ලියාපදිංචි වි නොමැති බවත්, නල්ලතන්නිය නගරයේ සිදු වන මෙවැනි අකටයුතු පිලිබදව සොයා බැලිමට තම ප්‍රාදේශිය සභාවට බලතල ලබා ගැනිම සදහා මධ්‍යම පළාත් අණ්ඩුකාරවරයා සහ මධ්‍යම පලාත් පලාත් පාලන කොමසාරිවරයා සමග සාකච්ඡා කර අතුරු ව්‍යවස්ථාවක් සකස් කර එම අතුරු ව්‍යවස්ථාව ඉදිරියේදි ගැසට් කිරිමට පියවර ගන්නා බවද එම සභාවේ ලේකම්වරයා කියා සිටියා.

හැටන් – රංජිත් රාජපක්ෂ