ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන බැතිමතුන් ආරක්ෂා කිරීමට සෞඛ්යාරක්ෂක විධිවිධාන රැසක්
මේ වන විට රට පුරා ව්‍යාප්තවීමේ අවදානමක් උද්ගතව ඇති කොරොනා වෛරසයෙන් ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන බැතිමතුන් ආරක්ෂා කිරීම උදෙසා සෞඛ්යාරක්ෂක විධිවිධාන රැසක් ක්‍රියාත්මක කොට තිබේ.
ඒ අනුව දළදා මාලිගාව පරිශ්‍රය කේන්ද්‍රකොට පැරැණි ආයුර්වේද වට්ටෝරුවකට අනුව ධූමායනය සිදුකිරීම මෙන්ම විෂබීජ නාශක දියරෙන් මගින් මූහුණු හා අත් දෝවනය කිරීමට පහසුකම් සලසා ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ විෂබීජානුහරණ වැඩසටහනක්ද දෛනිකව ක්‍රියාත්මක වන අතර දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ උපදෙස් මත මෙම කටයුතු සිදු කෙරේ.
මේ වන විට ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාවද විශාල වශයෙන් අඩු වීමක් දක්නට ලැබේ.
කමල් සුරවීර මහනුවර
