News

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා ඡන්දය හෙට දක්වා කල් යයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවේචනාත්මක කරුණු රැසක් අන්තර්ගත කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම හෙට (23) දින දක්වා කල් තැබීමට එම කවුන්සිලය තීරණය කර ඇත.

එම සැසිවාරයේ අද දින න්‍යාය පත්‍රයේ ඇති වූ ගැටලුවක් හේතුවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව හෙට (23) දින දක්වා කල් තැබීමට සිදුවූ බවට ජිනීමා මානව හිමිකම් කාර්යාල වාර්තා සදහන් කරයි.

එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැස්ඩෝනියාව ඒකාබද්ධව ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සාමාජිකත්වය දරන රටවල් 47ක් ඡන්දය ප්‍රකාශ කරනු ඇත.