News

ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරය සහ ක්‍රයිස්චර්ච් වෙඩි තැබීම අතර සබඳතාවක් ඇති බවට තොරතුරු නැහැ

පසුගිය පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ සිදුකරන ලද විනාශකාරී ප්‍රහාරය හා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් පල්ලියේ මාරාන්තික වෙඩිතැබීම අතර සබඳතාවක් ඇති බවට තම රජයට කිසිදු බුද්ධි අංශ තොරතුරක් ලැබී නොමැති බව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩේන් මහත්මිය පවසයි.

ඕක්ලන්ඩ්හි පැවති මාධ්‍ය සාකච්ඡාවකදී නවසීලන්ත අගමැතිනිය මේබව පවසා ඇත.

මෙරට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධව නවසීලන්ත අගමැතිනිය මෙලෙස අදහස් පලකල බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.