ශ්‍රී ලංකාවේ නිපද වූ ගිනි නිවන ප්‍රථම අධිවේගී යාත්‍රාව දියඹට
මහ මුහුදේ දී ගිනි ගැනීමට ලක්වන නැව්, බෝට්ටු වෙත ක්ෂණිකව ළගා වී ගිනි නිවීමට හැකි අධිවේගී යාත්‍රාවක් සෝලා මැරීන් ලංකා නම් පෞද්ගලික ආයතනය මගින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිෂ්පාදනය කර තිබේ. මෙම යාත්‍රාව මුල්වරට දියත් කිරීම රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13වැනිදා) කෙරිණි.
පැයට නාවීක සැතපුම් 35 ක වේගයකින් ගමන් කළ හැකි මෙම යාත්‍රාවට පැයකට වතුර ලීටර් ලක්ෂ 06 ක් මීටර් 120 ක් දුරට විදීමට හැකියාව සහ ගොඩබිම සිට නාවීක සැතපුම් 200 ක දුර ගිනි නිවීමේ හැකියාව ඇති බව එම සමාගමේ කළමනාකාර අධ්යක්ෂ එස්.ඩි.ප්‍රේමතිලක පවසයි.
BELUGA – 18 නමැති මෙම ගිනි නිවීමේ යාත්‍රාවේ ගිනි නිවීම් භටයින් 06 දෙනකුට ගමන් කිරීමේ පහසුකම් ඇති අතර ඉන්ධනවලින් හට ගන්නා ගිනි නිවීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ලීටර් 8000ක් ගබඩා කිරීමේ පහසුකම් ද මෙම යාත්‍රාව සතුව පවති.
ගිනි ගැනිමක් පිළිබදව වාර්තා වූ වහාම අදාළ ස්ථානය නිශ්චිතව හදුනාගැනීමේ නවීන තාක්ෂණය මෙන්ම, එවැනි ගිනි ගැනීමක් දැනගැනීමත් සමග අදාළ නැවේ IMO අංකය මගින් එම නැව ඇති ස්ථානය පහසුවෙන් හදුනාගැනීමේ AIS තාක්ෂණයෙන්ද මෙම ගිනි නිවීමේ යාත්‍රාව සමන්විතය .
ගිනි නිවීමක් පාලනය කිරීමේ මෙහෙයුමකදී GPS සහ සැටලයිට් තාක්ෂණය අනුව යාත්‍රාව ස්වයංක්‍රීයව බලගැන්වී සාගරයේ පා නොවී සිටීමේ විශේෂිත හැකියාවක්ද සහිතව මෙම ගිනි නිවීමේ යාත්‍රාව නිපදවා ඇත.
සුගත් පෙරේරා