ශ්රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට
එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ කාර්යාලය මඟින් ශ්රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තාව අද(20) මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයට ඉදිරිපත් කර තිබේ.
අදාළ වාර්තාව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති අතර ඉන් අනතුරුව ඇය ශ්රී ලංකාව පිළිබඳ කරුණු දැක්වීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙරට සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්රවර්ධනය සම්බන්ධයෙන් මිට පෙර වාර්තාවක් සකස් කර තිබූ අතර එය නිල වශයෙන් අද දිනයේදි සැසිවාරයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.