ශ්‍රී ලංකාවේ සංචාරය කරන අමෙරිකානුවන්ට එරටින් අවවාදාත්මක නිවේදනයක්
ඇමරිකා එක්සත් ජනපදය විසින් එරට වැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම පිළිබඳව ඊයේ (21) රාත්‍රී අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය හරහා ඇමරිකාව එරට පුරවැසියන්ට දැනුම් දී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් ජනතාව බහුල වශයෙන් ගැවසෙන ස්ථානවල නොරැදෙන ලෙසයි.
එමෙන්ම ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ මතුව ඇති තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා බලධාරින් හා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ලබාදෙන උපදෙස් නිසි අයුරින් පිළිපදිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස සියලු අමෙරිකානුවන්ට උපදෙස් ලබාදෙන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.