ශ්‍රීමා දිසානායක මහත්මියගේ අවසන් කටයුතු අනිද්දා
හිටපු අමාත්‍ය දිවංගත ගාමිණී දිසානායකගේ බිරිඳ වන අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායක මහත්මියගේ අවසන් කටයුතු අනිද්දා පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.
ඇය කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (29) අභාවප්‍රාප්ත වුනු අතර වයස අවුරුදු 77 කි.
දිසානායක මහත්මියගේ දේහය අද (30) කොළඹ – විජේරාම මාවතේ නිවසට රැගෙන ඒමට නියමිත අතර අවමංගල්‍ය පෙරහර අනිද්දා සවස 02ට එම නිවසින් පිටත්වීමට නියමිත බව වාර්තා වෙයි.