News

ශ්‍රීලනිප ඕනෑම මැතිවරණයකට සූදානම්

ශ්‍රී ලංකා නිදහස් පකෂය ඕනෑම මැතිවරණයක් සඳහා සුදානමින් පසු වන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා.

පාදුක්ක ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රටේ සියලු පළාත් වල පළාත් සභා මැතිවරණය එක් දිනයක පැවැත්විය යුතු බවයි.

ප්‍රධාන වශයෙන් දකුණ, ඌව සහ බස්නාහිර යන පළාත්ව ආණ්ඩුකාරවරුන් පළාත් සභා මැතිවරණය එකවර පැවත්වීමට එකඟ වී ඇති බවද ඉසුර දේවප්‍රිය මහතා වැඩිදුරටත් කියා සිටියා.