ශ්‍රීලනිප පොහොට්ටු සන්ධානය බිඳ දමන කතා එපා – ජනපතිගෙන් පිරිසකට අවවාද
පොදුජන එක්සත් පෙරමුණ සමග ගොඩනැගීමට යෝජිත සන්ධානය බිඳ වැටෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් නොකරන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසකට එම පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවවාද කර ඇත.
පසුගිය සතියේදී එහි ප්‍රධාන තනතුරු දරන නිලධාරීන් පොදුජන පෙරමුණ විවේචනය කරමින් මාධ්‍යයට අදහස් දැක්වීම නිසා ඇතිවී තිබෙන ගැටලු නිසා ජනාධිපතිවරයා මෙසේ අවවාද කර ඇති බව වාර්තා වේ.
මෙලෙස අවවාද ලැබූ අය අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන පෙළේ තනතුරු දරන මන්ත්‍රීවරුන් තිදෙනකුද වන බව පැවසේ.