නවතම ප්‍රවෘත්ති

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් 57 කට ඒ.එස්.පී. තනතුරු

සුදුසුකම් පරීක්ෂා කර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 57 දෙනකුට සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළේ ය.බුවනෙක අළුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන විනිසුරුවරුන් හමුෙව්සැප්.03 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේ දී ලබන 17 වැනි දිනට අදාළ නිලධාරින් සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස්කර අධිකරණයට වාර්තා කරන ලෙසපොලිස්පතිවරයාට නියෝග කරන ලදී.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 57 දෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධ නඩු හතරක් විභාගය කර එම නියෝගය නිකුත් කෙරිණි.

2014 වසරේ දී පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීමට පැවති සම්මුඛ පරීක්ෂණයේ දී උපසේවයේ සිට නිත්‍ය සේවයට අන්තර්ග්‍රහණය වූ නිලධාරින් දෙදෙනකුට ලකුණු 12.5 ක් වැරදිලෙස ලබා දීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව සඳහන් කරමින් එම නඩු ගොනුකර තිබිණි.

චමින්ද සේනාරත්න