ශිවාජිලිංගම් ප්‍රභාගේ උපන්දින සැමරුමට යද්දි අල්ලා ගනියි
මිය ගිය එල්.ටී.ටී.ඊ නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් නිවසට ගොස් එහිදි ප්‍රභාකරන්ගේ 64වන උපන්දින සැමරුමට සුදානම්ව සිටියදි හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා පොලිස් භාරයට ගෙන තිබේ.
යාපනය-වැල්වෙටිතුරේයි ප්‍රදේශයේ ප්‍රභාකරන්ගේ උපන් ගෙය තිබෙන අතර එම නිවස සුද්ද පවිත්‍රකරමින් සිටි පිරිසක්ද වැල්වැටිතුරේයි පොලිසිය අද (26) අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම ඒ සඳහා රැගෙන ආ බඩු බාහිරද පොලිස් භාරයට ගෙන තිබේ. පසුව මෙම පිරිස පොලිසියට රැගෙන ගොස් ප්‍රකාශ සටහන් කර ගැනිමෙන් අනතුරුව මුදා හැර ඇත.